ජැකලින් හා ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් අතර හුටපටයක්...

Jacqueline Fernandez Sinhala news
By Mithu May 28, 2025 03:59 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තරුවක් වන ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස් සමග නිළ හවුල්කාරිත්වයකට එක්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Home Lands සමූහය එක්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ අංක එකේ වඩාත්ම විශ්වාසයදායක දේපළ වෙළඳාම් සන්නාමය වන Home Lands සමූහයට මෙම සහයෝගීතාවය හරහා ජාත්‍යන්තරය පිළිගත් ආයතනයක් බවට පත්වීමටත් අවස්ථාව උදාවේ.

විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමය වන Home Lands සමූහය සහ ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත් ජාත්‍යන්තරයේ බැබළෙන තාරකාව සමග ඇතිකර ගත් මෙම සහයෝගීතාවයෙන් ශ්‍රී ලාංකීය සුපිරි මහල් නිවාස ව්‍යාපෘතියට නැවුම් මෙන්ම චමත්කාරජනක යුගයක් උදාවනු ඇති බවයි සමාගමේ විශ්වාසය වන්නේ.

"මම ලෝකයේ කොහේ ගියත් මගේ නිවහන ශ්‍රී ලංකාව. ලංකාවෙ දේවල් කොච්චර ඉක්මනට ඉස්සරහට යනවද කියලා පුදුමත් හිතෙනවා. මෙහෙ දියුණුව, සංචාරක වර්ධනය වගේ දේවල් ඇත්තටම ගොඩක් සතුටුදායකයි. මම අත්වැල් බැඳ ගන්නේ මේ රට අලුත්ම ආකර්ෂණීය විදියට ලෝකයට විවෘත කරන ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සහකරුවා එක්ක. ලොකු දේවල් ඉස්සරහට එනවා , බලාපොරොත්තුවෙන් අවධානයෙන් ඉන්න”

ජැකලින් ෆර්නැන්ඩස් එහිදී ප්‍රකාශ කළා

ReeCha