"ඇඳ හිස් වුණා...යන්න ඕනෙ අය යන්න.." - ජැක්සන්ගේ ඇඳ ගැන ඇසූ අයට මධුමාදවගෙන් රිදෙන්න කතාවක් - (PHOTOS)
By Sewvandhi
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වෙන්ව යෑම ගැන ගායන ශිල්පී මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.
මේ තියෙන්නේ ඒ සටහන සහ ඡායාරූපය...
''ඇද හිස් උනා ... යන්න ඕනෙ අය යන්න..
අකුරු එන්නෙ නෑ සත්තයි ගලපන්න
අපෙ හැම මතක මට බැරි වෙයි වලලන්න
එහෙනම් සුන්දරයො නුබ නිදියා ගන්න
"ඇද හිස් උනා" යන්න ඕනෙ අය යන්න''



