මාතලේ නව කොස් අලෙවිසැල් විවෘතයි

Report

මාතලේ දිඹුල්ගමුව ප්‍රදේශයේ කොස් අලෙවිසැල් නවීකරණය කර විවෘත කිරීමේ සුභාරම්භක උත්සවය පසුගියදා (23) සිදු විය.

ජනාධිපති කාර්යාලය විසින් ලබා දුන්  ප්‍රතිපාදන මගින් ඉදිකරන ලද දිඹුල්ගමුව ජංගම කොස් අලවිසැල්, එම අලෙවිකරුවන් වෙත භාරදීම මෙහිදි සිදුවු අතර නව සංචාරක ආකර්ෂනය ලබා ගැනිමේ අරමුණින් මෙම කටයුතු සිදු කෙරුණි.

අලුත් අවුරුද්ද, අලුත් නිවස - මෙම වසරේ නව නිවාස 31,000ක්

අලුත් අවුරුද්ද, අලුත් නිවස - මෙම වසරේ නව නිවාස 31,000ක්

මේ සඳහා වෙන් වූ මුදල රුපියල් මිලියන 9.6 කි. පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ A9 මාර්ගයට ආසන්නව අලෙවි සැල් විසි එකක් ඉදිකර ඇති අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කළේය.

මේ සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල , පල්ලේපොල ප්‍රාදේශීය සභා සභාපති ඩී.බී. කොස්වත්ත , මාතලේ දිසාපති ප්‍රසන්න මදනායක පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනි ඒකනායක සැලසුම් අධ්‍යක්ෂ අනුරුද්ධ බණෟඩාර යන මහත්ම මහත්මින් ඇතුලු  පිරිසක් මෙම අවස්ථාවට එක්විය. 



GalleryGalleryGalleryGalleryGalleryGallery