ශ්‍රීධරන්ව ඉවත් කර නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම්ගේ අතට දෙයි - හේතුව මෙන්න

Report

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක වශයෙන් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පත් කර ඇත.

ඒ අනුව මෙතෙක් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායකයා වශයෙන් කටයුතු කරන ලද එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉවත් කර ඒ වෙනුවට රාසමාණික්කම් මන්ත්‍රීවරයා කණ්ඩායම් නායකයා වශයෙන් පත්කර ඇත.

එමෙන්ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් සහ එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් විසින් මෙම පත්කිරීම පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දිගින් දිගටම පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී කටයුතු කිරීම මෙම වෙනස් කිරීමට හේතුව බව එම පක්‍ෂයේ ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් සඳහන් වේ.

කේසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් රාසමාණික්කම් මන්ත්‍රීවරයා කියා සිටියේ තම පක්ෂයේ ප්‍රතිපත්ති සහ තම පක්ෂයට ඡන්දය ලබා දුන් ජනතාවගේ අභිලාෂ වෙනුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී තම පක්ෂය මෙහෙයවීමට බලාපොරොත්තු වන බවයි.

නාමල්ව එක් කරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ පොඩි ආතල් එකක් අරන් තිබ්බනේ ලැජ්ජ නැද්ද ඕගොල්ලන්ට කෑමද කන්නේ බත් ද කන්නේ? - අර්ච්චුනාට මල පනී

නාමල්ව එක් කරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ පොඩි ආතල් එකක් අරන් තිබ්බනේ ලැජ්ජ නැද්ද ඕගොල්ලන්ට කෑමද කන්නේ බත් ද කන්නේ? - අර්ච්චුනාට මල පනී

රටටම බලා සිටි මොහොත - හෙට සිට පෙබරවාරි 11 දක්වා

රටටම බලා සිටි මොහොත - හෙට සිට පෙබරවාරි 11 දක්වා

රටම බලන් හිටිය නව විගණකාධිපතිනිය මෙන්න

රටම බලන් හිටිය නව විගණකාධිපතිනිය මෙන්න