මත්පැන් ලෝලීන්ට තරු පෙනෙන්නම.. බීලත් හමාර ද?. නැත්නම්.. මත්පැන් විකිණීම ගැන තීරණයක්?.
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
ඒ සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ සුරාබදු නිවේදනයන්ට අනුව අනෙකුත් සුදුසුකම් සපුරාලිය යුතු වේ.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසීය.
මේ වන විට සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත.
ඒ පසුගිය වසර කිහිපය තුළ නිකුත් කරන ලද බලපත්‍ර සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබද අවධානය යොමු කරමින් ය.
You May Like This Video👇
.