එකම මවකගේ දරුවන් නවදෙනාවම ඝාතනය කරයි (PHOTO)

United for Human Rights Israel Israel-Hamas War Gaza Sinhala news
By Ashfa May 25, 2025 12:05 PM GMT
Ashfa

Ashfa

Report

2025 මැයි 23 ගාසා හි ඛාන් යූනිස් නගරයේ වාසය කරන ළමුන් සඳහා සේවය කළ වෛද්‍යවරියකගේ නිවසක් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකට ලක්වීමෙන් ඇයගේ දරුවන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නැස්සර් රෝහල සඳහන් කළේ, වෛද්‍ය ආලා අල්-නජ්ජාර්ගේ තවත් දරුවෙකු සහ සැමියා බරපතල තුවාල ලබා ඇති බවයි.

අනෙක් වෛද්‍යවරයෙකු වූ බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු සඳහන් කළේ, වසර ගණනාවක් ළමුන්ගේ ජීවිත බේරාගත් මවක් සම්පූර්ණ පවුලක් අහිමිවීම විය හැකි ඛේදනියම තත්ත්වය බවයි.

ඊශ්‍රායල් හමුදාව පවසා ඇත්තේ, "සැකකරුවන්" ඉලක්ක කර පහරදී ඇති බවත්, නිරපරාධ පුද්ගලයින්ට හානි වූයේදැයි පරීක්ෂණයකට ලක්කරමින් ඇති බවත්ය.

දැනට වාර්තා වන පරිදි, 11 හැවිරිදි පුතු අඩම් යනුයි වෛද්‍ය අල්-නජ්ජාර්ගේ ජීවිතයෙන් බේරුණු එකම දරුවා.

මැයි 23 වනදා තෙක් පැය 24ක කාලයක් තුළදී පමණක් පුද්ගලයන් 74ක් ඝාතනය වී ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ ලේකම් ඇන්ටෝනියෝ ගුටරස් ගාසා ජනතාව "උග්‍රම ඛේදනීය අවධියකට" මුහුණ දෙන බව පවසමින්, මනුෂ්‍ය ආධාර වැළැක්වීම දරුණු ලෙස විවේචනය කළේය.

ගාසා තුළ දරුවන් මිය යන තත්ත්වයට පත්ව ඇති අතර, ජලය, ආහාරය සහ ඖෂධ බරපතල අර්බුදයකට ලක්වී ඇත.

මිනිසුන්, දරුවන් දහස් ගණනකගේ ජිවිත විනාශ කරමින් ආහාර ජලය බෙහෙත් කිසිවක් නොදී ඊශ්‍රායලය සිදුකරන මේ මිලේජ්ච පිළිකුල් සහගත ප්‍රහාර වලට විරුද්ධ වීම අනිවාර්ය කරුණකි. ඒ සදහා ඔබ මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්ය.

මනුෂ්‍යත්වය සහ මිනිස් ජීවිතය විනාශ කරන මෙවැනි අමානුෂික ප්‍රහාර වසරකට වැඩි කාලයක සිට සිදුවේ,රෝහල් සරණාගත කදවුරු පවා නොසලකා සිදු කරන මේ ක්‍රියාවන් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු නැවැත්වීම අනිවාර්යය.

උඩගුකමින් ඔලුව උදුම්මාගත් නෙතන්යාහුට සහ ඊශ්‍රායල් හමුදාවට වැඩි කල් යන්නට මත්තෙන් ඔවුන් කරන මේ අපරාධ වලට පිළිතුරු දීමට සිදුවීම ස්ථිරය 

අවුරුදු 23 කෙල්ල පිරිමි 25ක් කසාද බැදලා

අවුරුදු 23 කෙල්ල පිරිමි 25ක් කසාද බැදලා


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha