නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සන්නාම තානාපතිවරු වශයෙන් කටයුතු කළ හැකි ශ්‍රමික පිරිසකට ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව....

By Piyumika Dec 29, 2024 07:39 AM GMT
Report

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබේ.

සහල් ආනයනය ගැන ඇහෙන අලුත්ම කතාව..

සහල් ආනයනය ගැන ඇහෙන අලුත්ම කතාව..

ඒ අනුව ඔවුන්ට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යටාංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි. තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිව තිබූ අතර ඔවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවනු ඇත.

දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය පිරිස ඉහළට (UPDATE)..ජිවිත බේරා ගත අයෙක් ඇත්දැයි අපේක්ෂා තබාගත නොහැකි ..

දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය පිරිස ඉහළට (UPDATE)..ජිවිත බේරා ගත අයෙක් ඇත්දැයි අපේක්ෂා තබාගත නොහැකි ..

මෙම අවස්ථාවට එක්වූ විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ වන විට මතභේදයට තුඩු දී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකිසා සඳහා විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට මෙම ශ්‍රමිකයින්ට සන්නාම තානාපතිවරු වශයෙන් කටයුතු කළ හැකි බවය.

අදාළ ශ්‍රමිකයින් පිරිස ඊයේ (28) දින ඊශ්‍රායලය බලා පිටත්වය යාමට නියමිතව තිබුණි.

You may like this video