ලොවම භීතියෙන් බලා සිටියදී ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාර..! වහාම ආරක්ෂිත ස්ථාන වලට යන්නයි දැනුම්දෙයි..
By Sewvandhi
ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බවයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසය.
අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී ඇත.
අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ජලය ළඟ තබා ගන්නා ලෙසද වැඩිදුරටත් දැනුම් දෙයි.