"ඕමාන සම-නියමුවාගේ පිහි පහරවල් මැද කැප්ටන් ස්මිත් මච්චර් කළ අදහාගත නොහැකි වීරකම - ඊශ්‍රායල ජනපතිගෙන් ඉහළම බුහුමන්

By Kanchana Oct 10, 2026 11:10 AM GMT
Report

flydubai ගුවන් යානයක් තුළදී සම-නියමුවා විසින් එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකින් දිවි ගලවා ගනිමින්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 174 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට දායක වූ ඉන්දීය ජාතික කැප්ටන් ස්මිත් මච්චර්ට ඊශ්‍රායලයේ ඉහළම සිවිල් වීරත්ව සම්මානය පිරිනැමීමට තීරණය කර තිබේ.

වාර්තා වන පරිදි, ඕමාන ජාතික සම-නියමුවා විසින් නියමු කුටිය තුළදී කැප්ටන් මච්චර්ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබුවද, සිය වගකීම අඛණ්ඩව ඉටු කළ කැප්ටන් මච්චර් නියමු කුටියේ දොර විවෘත කිරීමට කටයුතු කර ඇත.

එම ක්‍රියාව හේතුවෙන් යානයේ සිටි ඊශ්‍රායල ජාතික මගීන්ට නියමු කුටියට ඇතුළු වී ප්‍රහාරය එල්ල කළ සම-නියමුවා මැඩපැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

ඊශ්‍රායල බුද්ධි අංශ සඳහන් කරන්නේ, අදාළ සම-නියමුවාගේ සැලසුම යානය ටෙල් අවීව් නුවර ගොඩනැගිල්ලකට කඩා වැටීමට සැලැස්වීම බවයි.

කැප්ටන් මච්චර්ගේ මැදිහත්වීමෙන් අනතුරුව, යානයේ සිටි නිවාඩු ලත් නියමුවන් පිරිසක් විසින් එය සෞදි අරාබියට ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව ද වාර්තා වේ.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක ප්‍රතිකාර ලබන කැප්ටන් ස්මිත් මච්චර් සුවය ලැබීමෙන් පසු ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් අතින් 'ජනාධිපති සිවිල් වීරත්ව සම්මානය' ලබාගැනීමට නියමිත බව සඳහන් වේ

සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් හදිසි නිවේදනයක්- හූති ප්‍රහාර හමුවේ ගත් තීරණය මෙන්න

සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් හදිසි නිවේදනයක්- හූති ප්‍රහාර හමුවේ ගත් තීරණය මෙන්න