කාන්තා යට ඇඳුම් සමගින් සතුටු වෙන අමුතු පිරිසක් ගැන සමාජ මාධ්‍ය හොල්ලයි.. (PHOTOS)
By krishani
කාන්තා යට ඇඳුම් සමඟ ඊශ්‍රායල සොල්දාදුවන් විනෝද වන ආකාරයෙන් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවති.
ඒ පලස්තීන නිවාසවලින් සොයාගත් කාන්තා යට ඇඳුම් ය.
මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ ගාසා තීරයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් එහි සාගතයක් පවා නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ වන අප්‍රසාදය තීව්‍ර කරන්නක් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ එවැනි ඡායාරූප පළ කිරීම පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් බව ය.