ඊශ්‍රායලයත් ඇමෙරිකාව පසුපස යමින් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වේ...
By Piyumika
ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට තීරණය කළ පසුබිමක ඊශ්‍රායලය ද එම කවුන්සිලය සමඟ කටයුතු කිරීමෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබෙනවා.
එරට විදේශ කටයුතු අමාත්‍ය ගිඩියන් සාර් පවසන්නේ මානව හිමිකම් කවුන්සිලය මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ආරක්ෂා කිරීමට ඉඩ සලසන බවයි.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කර තිබෙනවා.
You may like this video