දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති වේගයෙන් – ජනතා සහයෝගය ද ලැබෙයි
දිවයිනේ සෑම ප්‍රදේශයකම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඒ සඳහා මහජන සහයෝගය ද ලැබෙමින් තිබෙන බව වාර්තා වේ.
ලබුගම – බොරළුවතැන්න මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ 270ක වියදමකින් මෙම මාර්ගය සංවර්ධනය කෙරේ.
ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගනයේ රජයේ මුදලින් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර, එය විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද එක්ව සිටියේය. මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බලකොටුව – පිංපාර මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම මාර්ගයෙන් ගම්මාන රැසක පවුල් 2000කට අධික ප්‍රමාණයකට සහන සැලසෙන අතර, ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයට ද මහත් පිටුබලයක් වනු ඇත.
මෙම ව්‍යාපෘති තුළින් දිවයින පුරා ජන ජීවිතයට සහ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති වනු ඇති බවට බලාපොරොත්තු වේ.