පොලිසීයෙන් විශේෂ මෙහෙයුමක් - සැකකරුවන් 593ක් පොලිස් දැලේ
පොලිසිය ඊයේ (02) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 593දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී පුද්ගලයන් 27,042 දෙනෙකු පරීක්ෂාවට ලක්කළ අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් ගණන 15ක් වේ.
වරෙන්තුකරුවන් 229 දෙදෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 122දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
බීමත් රියදුරන් 121දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 88දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කරන්නේ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 3977 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වේ.