විශේෂ බුද්ධි මෙහෙයුමකින් නව IS නායකයා මරාදමයි..

By Aruna May 01, 2023 04:13 AM GMT
Report

තුර්කි බුද්ධි අංශ විසින් සිරියාවේදී ඉස්ලාමීය රාජ්‍ය නායක අබු හුසේන් අල් කුරාෂි ඝාතනය කළ බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් ප්‍රකාශ කර සිටිනවා.

තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, තුර්කි බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙස සිරියාවේදී IS නායකයා ඝාතනය කර ඇති බවයි.

සිය බුද්ධි සංවිධානය දීර්ඝ කාලයක් තිස්සේ IS නායක අබු හුසේන් අල් කුරාෂි පසුපස හඹා ගිය බවයි තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

සිරියානු ප්‍රාදේශීය සහ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය තුර්කියේ පිටුබලය ලබන කැරලිකාර කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන උතුරු සිරියාවේ ජන්දරිස් නගරයේ මෙම වැටලීම සිදු වූ අතර එය පෙබරවාරි 6 වන දින තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් දරුණුතම බලපෑමට ලක් වූ එකක් බවයි.

2022 නොවැම්බර් මාසයේදී දකුණු දිග සිරියාවේ දී අමෙරිකානු විශේෂ බලකාය විසින් සිදුකළ මෙහෙයුමකින් හිටපු ISIS නායකයා ඝාතනය කිරීමෙන් පසු අල්-කුරාෂි එම සංවිධානයේ නව නායකයා ලෙස තෝරා පත්කර ගනු ලැබුවා.

ඉස්ලාමීය රාජ්‍යය 2014 දී ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක් අත්පත් කර ගත් අතර, එවකට එහි ප්‍රධානියා වූ අබු බකර් අල්-බැග්දාඩි එම කලාපය ඉස්ලාමීය කාලිෆේට් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now