ලෝකයේ භයානකම ත්‍රස්තවාදියෙකු අවසන් ගමන් යයි

Report

ඇමෙරිකාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ISIS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා මිය ගොස් ඇති බව ඇමෙරිකාව විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙලෙස ඝාතනය වූයේ ISIS ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු කදීජා හෙවත් අබ්දුල්ලා මක්කි මුස්ලි අල් රිෆායි ය.

කෙල්ලව ගෙනිච්චා... කොල්ලව පාවා දුන්නා ...කෙල්ල ඉන්න තැන ගැන හෝඩුවාවක්... මොලකරු පද්මේද?

කෙල්ලව ගෙනිච්චා... කොල්ලව පාවා දුන්නා ...කෙල්ල ඉන්න තැන ගැන හෝඩුවාවක්... මොලකරු පද්මේද?

ඉරාකයේ අල් අන්බාර් ප්‍රදේශයට එල්ල වූ මෙම ප්‍රහාරය වන විට ඔහු මරාගෙන මැරෙන ඇඳුම් පැළඳ, ආයුධ සන්නද්ධව සිට ඇත. රිෆායි ඇමෙරිකානු ප්‍රහාරයෙන් මිය ගිය බව ඩීඑන්ඒ පරීක්ෂණ මගින් ද තහවුරු වී ඇත.

ISIS ත්‍රස්ත කණ්ඩායමේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා වූ ඔහු, එම සංවිධානයේ ගෝලීය මට්ටමේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ. එසේම, ISIS සංවිධානයේ සැපයුම්, සැලසුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය රිෆායි විසින් අධීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රට යන සිහින සැබෑ කරගන්න ඔබටත් මෙන්න අවස්ථාවක්

රට යන සිහින සැබෑ කරගන්න ඔබටත් මෙන්න අවස්ථාවක්

2023 දී ඇමෙරිකාව විසින් අබු කදීජාට එරෙහිව සම්බාධක පනවා තිබූ අතර, ඔහු ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලනය යටතේ පැවති ප්‍රදේශවල ආණ්ඩුකාරවරයකු ලෙස ද කටයුතු කර ඇත. මෙම ප්‍රහාරයෙන් තවත් ISIS ක්‍රියාකාරිකයෙකු ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, රිෆායි ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන් අතුරින් එක් අයෙකු ලෙස සැලකිය හැකි බවයි.