මාලිමාවට රට ගොඩනගන්න ඉෂාරාගේ මොළේ තිබ්බ නම් ලොකු උදව්වක්ලු - ටීබී
ඉෂාරා සෙව්වන්දිගේ ශක්තිය, දැනුම සහ හැකියාව මේ රට ගොඩනැගීම සඳහා යොදාගනු ලැබුවා නම් මොනතරම් රටක් අපිට ගොඩනැගීමට හැකිවනු ඇත් දැයි නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ අපරාධයෙන් අනතුරුව ඇය කාන්තාවක් විදිහට ගමන් කරපු ගමන් මාර්ගය ගත් විට ඇය බුද්ධිමය හැකියාවක් සතු කෙනෙක් බව පැහැදිලි වන බවයි.

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා
එබැවින් ඇයගේ එම ශක්තිය, දැනුම සහ හැකියාවන් රට ගොඩනැගීම සඳහා දායක කරගත්තා නම් එය වැදගත් බවද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන් බව සඳහන්.
ඔහු මේ අදහස් දක්වා ඇත්තේ උත්සව සභාවක් අමතමින්.
ගනේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය වශයෙන් සැලකෙන ඉෂාරා සෙව්වන්දි කාලයක සිට සැඟව සිටි සැකකාරියක් වූ අතර ඉකුත් දා ඇය ඇතුළු සැකකරුවන් හය දෙනෙක් නේපාලයේදී සිදු කළ මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
එහිදී පොලීසිය අනාවරණය කර ගත් තොරතුරු අතර ඇය පොලීසියෙන් පලා යාමට සැළසුම් කර තිබූ අයුරුද හෙළිව තිබුණා.