අම්දිගේ නිරෝගී දකුණු වකුගඩුව අතුරුදන් ? - වෛද්‍යවරුන්ගේ කතන්දර පරස්පරයි.
කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති අවුරුදු 3ක් වයසැති දරුවෙක් වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය පුවතක් පසුගියදා වාර්තා කර තිබුණා.
එලෙස මියගිය දරුවාගේ වම්පස වකුගඩුව අතරුදන්ව ඇති අතර තම අංශය භාරයේ එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්වා තම අංශයේ සුරක්ෂිතව සුරක්ෂිතව තබා ඇති බව ඊයේ (08) එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න පවසා තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ සාක්ෂි ලබාදෙමින්.
කෙසේ නමුත් දරුවාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියෙන් විමසීමේදී පවසා තිබුණේ, නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බවයි.
මීට පෙර එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවයකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ,දරුවාගේ වම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය 9%ක් ලෙසත් දකුණු වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 91%ක් ලෙසත් ක්‍රියාත්මක වී තිබු බවයි.
ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් දරුවාගේ එක් වකුගඩුවක් ඉවත්වී ඇති බවට රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන්ව තිබීම අපැහැදිලි කාරණයක් බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරයකු මෙන්ම නීතිඥවරයෙකු වන වයි. එල්. එම්. යූසුෆ් මහතා මීට පෙර නඩු වාරයකදී අධිකරණය හමුවේ පවසා තිබුණා.
