උතුරු පළාතේ විශාලම ජලාශය වන ඉරණමඩු ජලාශය තවදුරටත් වාන්දමයි
කිලිනොච්චිය ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමන බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.
එය උතුරු පළාතේ විශාලම ජලාශයයි.
තවද පැවති වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය වැවේ ජල ධාරිතාව අඩි 37 යි අඟල් 09 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.
ඒ වගේම ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වෙත තවදුරටත් වැසි ඇඳ වැටෙමින් පවතින හේතුවෙන් ජලාශයේ ජල ධාරිතාව ඉහළ යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
තවද කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය ප්‍රකාශ කළේ ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කර තිබෙන බවයි.
ඒ අනුව වාන් දොරටු හයක් අඩිය බැඟින් විවෘත කර ඇති බව වාර්තා වේ.
අනෙකුත් වාන් දොරටු අට අඟල් හය බැඟින් විවෘත කොට ඇති බවත් කිලිනොච්චිය ජලාශයේ වාන් මට්ටම අඩි 36 ක් වන බවද දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය සදහන් කරයි.