ඉරාන ඇමෙරිකා සාමය බිදවැටෙමින් යලිත් ගිනියම්වු මැදපෙරදිග යුද්දය

Report

ඉරානය සහ  ඇමෙරිකාව අතර පැවති සටන් විරාම තත්ත්වය බිඳ වැටීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යළිත් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

විදෙස් වාර්තා අනුව, දෙපාර්ශ්වය අතර ප්‍රහාර හුවමාරු වී ඇති අතර, කලාපීය ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුව ඇත.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව නව හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ අනතුරු අඟවා ඇති අතර, ඉරානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් පෙර පැවති එකඟතා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයටත් හානි

අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයටත් හානි

මේ අතර, ඉරානය විසින් ගල්ෆ් කලාපයේ අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවත්, ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකාව විසින් ඉරානයේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත අර්බුදය හේතුවෙන් නාවික ගමනාගමනයට බලපෑම් එල්ල වී ඇති අතර, එය ලෝක බලශක්ති වෙළෙඳපොළටද පීඩනයක් ඇති කර තිබේ.

කලාපීය රටවල් කිහිපයක් ඉල්ලා ඇත්තේ ගැටුම් තවදුරටත් උත්සන්න නොකර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයට නැවත පැමිණෙන ලෙසයි.

මේ අතර, ඉරානයේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වය සහ එරට නායකත්වය සම්බන්ධ සිදුවීම් පිළිබඳවද ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.

ලෝකයම හඬවමින් ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කරයි

ලෝකයම හඬවමින් ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කරයි