මැදපෙරදිග යුධ ගිනි උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාර - UAE ආරක්ෂක අමාත්‍යාංශය නිහඬයි
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති බව පවසමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලාරක් දූපතට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි.
මෙම අල් මින්හාඩ් ගුවන් කඳවුරේ ඇමෙරිකානු හමුදා බලකායන් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබේ.
හුස්මක් ගත්තා විතරයි ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ඉරානයෙන් ජෝර්දානයට ප්‍රහාර
ලාරක් දූපතේ ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් සහ ඉරාන සිවිල් වැසියන් ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවද මාධ්‍ය වාර්තා කරයි.
අල් මින්හාඩ් ගුවන් කඳවුරට පහර දුන් බවට ඉරානය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ක්ෂණික ප්‍රතිචාරයක් නොලැබුණු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.