ලෝකෙටම අලුත් බලාපොරොත්තුවක් - හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානය ගේන අලුත්ම යෝජනාව
By Kaushi
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පාකිස්ථාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අමෙරිකාව විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.
එමෙන්ම මේ වන විට ඉරාන - අමෙරිකානු යුද ගැටුමද වඩාත් තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති බව වාර්තා වේ.
ඒ පාකිස්තානයේ පැවති සාම සාකච්ඡා අවලංගු වීම හේතුවෙන්.
එමෙන්ම එයට සමගාමීව ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව ආසියානු බ්‍රෙන්ට් වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 106.5ක් වශයෙන්.