ඊශ්‍රායල-එක්සත් ජනපද ප්‍රහාරවලින් ඉරානයේ මරණ 3,468ක් දක්වා ඉහලට
මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයන් 3,468කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ Martyr Foundation විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, යුද්ධය හේතුවෙන් මියගිය ඉරාන ජාතිකයන්ගේ සංඛ්‍යාව මේ වන විට 3,468 දක්වා ඉහළ ගොස් ඇත.
මෙය අප්‍රේල් 12 වැනිදා නිකුත් කළ පෙර වාර්තාවක සඳහන් වූ 3,375කට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමකි. කෙසේ වෙතත්, එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය අප්‍රේල් 07 වැනිදා වාර්තා කළේ, යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයන් 3,636කට ජීවිතක්ෂය සිදුව ඇති බවත්, ඉන් 1,701 දෙනෙකු සිවිල් වැසියන් බවත්ය.
ඔවුන් අතර ළමුන් 254 දෙනෙකු ඇතුළත් බව ද සඳහන් වේ. හමුදා නිලධාරීන් 1,221 දෙනෙකු සහ වර්ගීකරණය නොකළ පුද්ගලයන් 714 දෙනෙකු ද මියගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ.