ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා...

Iran Death Iran President Raisi Helicopter Crash
By Parami Dissanayake May 21, 2024 12:33 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අදින් ආරම්භ වේ.

ඊයේ (20) දිනයේ දී ජනාධිපතිවරයා ඇතුළුව එහි ගමන්ගත් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කරගැනුනේ ය.

එලෙස අනතුරට ලක් වුයේ , ඉරාන - අසර්බයිජාන දේශ සීමාවේ වාරි ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානාව නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්ත කඳුකර කලාපයේ දී ය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා... | Iran President S Funeral Will Be Held On Thursday

මෘත දේහ හඳුනා ගැනුණද එම දේහයන් ආපසු රැගෙන ඒම එතරම් පහසු නොවූ අතර, දැවීගිය සුන්බුන් අතරින් හමුවූ ඉරාන නායකයාගේ අත පැළඳ සිටි බව කියන මුදුව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර එය කාගෙත් හදවත කම්පා කළ සිදුවීමක් වුණි.

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ව්‍යාපෘති දෙකක්...

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ව්‍යාපෘති දෙකක්...

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවයේ නිල කටයුතු අද පෙරවරුවේ ටැබ්‍රිස් නගරයේදී ආරම්භ වූයේ ය.

ඒ අනුව, ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ අවමංගල උත්සවය දින 3ක් පුරා සැලසුම් කර ඇති අතර, දේහයන් ටෙහෙරාන් අගනුවරට ගෙන ඒමට සැලසුම් කර ඇත්තේ අද රාත්‍රී කාලයේදී ය.

ඉන් අනතුරුව, හෙට (22) පෙරවරුවේ සිට රයිසි ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ දේහයන් රැගත් අවමංගල පෙරහැරක් ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ සිට අසාදී චතුරස්‍රය වෙත ගමන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සහභාගි වන නිල අවමංගල උත්සවය පැවැත්වෙන්නේ ඉන් අනතුරුව බව වාර්තා වේ. එමෙන් ම, බ්‍රහස්පතින්දා දින පෙරවරුවේ දී පිරිසගේ දේහයන් දකුණු කොරසාන් ප්‍රාන්තය වෙත රැගෙන යනු ඇත.

ඒ රයිසි ජනාධිපතිවරයා, මීට පෙර අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු කළ එම ප්‍රාන්තයේ කටයුතු කිරීම හේතුවෙනි.

දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේ දී බ්‍රහස්පතින්දා පැවැත්වෙන අතර, ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර තිබිණි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා... | Iran President S Funeral Will Be Held On Thursday

ශුද්ධෝත්තම පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්තෝනියෝ ගුටේරස් ද ඒ අතරට අයත්ය. මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිහඬතාවක් පැවැත්විය.

ඒ් ඊශ්‍රායලයේ ප්‍රබල විරෝධය මධ්‍යයේ ය.

මේ අතර ඉරාන නායකයාගේ සහ විදෙස් කටයුතු ඇමතිවරයාගේ අභාවයට හේතු වූ හෙලිකොප්ටර් යානා අනතුරට තම රටේ සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ, මාධ්‍යවේදීයෙක් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්නකිරීමකදී ය.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ මරණයෙන් හිස්වූ ධුරය සඳහා නව නායකයෙක් පත්කරගැනීම සදහා වන ජනාධිපතිවරණය ලබන ජූනි 28 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉරාන ව්‍යවස්ථාදායකය, ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව එක්ව මෙම තීරණය ගෙන තිබිණි.  

ReeCha