ඉරානය හෝර්මුස් යලිත් වසා දමයි - ලෝක තෙල් වෙළෙඳපොළ දැඩි අර්බුදයක

Report

හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි ඇමරිකානු මැදිහත්වීම් සහ කලාපයේ උත්සන්න වන යුද තත්ත්වයට ප්‍රතිචාර ලෙස හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබේ.

ලෝකයේ තෙල් ප්‍රවාහනයේ සැලකිය යුතු කොටසක් සිදුවන මෙම සමුද්‍ර මාර්ගය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළ සහ නාවික ප්‍රවාහනය පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබේ.

වාර්තා අනුව, සයිප්‍රස් ධජය සහිත වාණිජ නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමෙන් අනතුරුව ඉරාන හමුදා එයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම සිදුවීමෙන් පසු හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන ඇත.

මුහුද රළු වීමත් සමඟ වියට්නාමයේ මහ විනාසයක් - දරුණු බෝට්ටු අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

මුහුද රළු වීමත් සමඟ වියට්නාමයේ මහ විනාසයක් - දරුණු බෝට්ටු අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

එමෙන්ම, මෙම සතිය තුළ ඕමාන් මුහුදු සීමාව ආශ්‍රිතව ගමන් කළ වාණිජ නෞකා කිහිපයකට ද ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

එම සිදුවීම්වලට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, එය ඉරානයට එරෙහි තුන්වන වටයේ ප්‍රහාර ලෙස ද විදෙස් මාධ්‍ය හඳුන්වා දෙයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ, එක්සත් ජනපද ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්, කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුද තම ඉලක්ක අතර පවතින බවත්ය.

මේ වන විට ඉරානය සහ එක්සත් ජනපදය අතර ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, කලාපීය ආරක්ෂාව සහ ගෝලීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ඉහළ ගොස් තිබේ.

යළි ඇවිලුණු යුද ගිනි මැද ඇමෙරිකාව ඉරානයට දුන්න අවසාන අවස්ථාව මෙන්න - ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් ඉල්ලයි

යළි ඇවිලුණු යුද ගිනි මැද ඇමෙරිකාව ඉරානයට දුන්න අවසාන අවස්ථාව මෙන්න - ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් ඉල්ලයි