හුස්මක් ගත්තා විතරයි ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ඉරානයෙන් ජෝර්දානයට ප්‍රහාර
ලාරක් දූපතේ පිහිටි තමන්ගේ රොකට් විදින දෙකකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස, ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි.
ලාරක් දූපතේ පිහිටි ඉරානයට අයත් රොකට් විදින යන්ත්‍ර දෙකකට අමෙරිකානු බලකායන් විසින් ඊයේ (30) ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පසුගිය ජූලි මස අගභාගයෙන් පසුව ඉරාන භූමිය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව එල්ල කළ පළමු සෘජු හමුදාමය ප්‍රහාරය මෙයයි. මෙම ප්‍රහාරයෙන් කිහිපදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය සහ විප්ලවීය ආරක්ෂක බලකාය තහවුරු කර ඇති අතර මීට එරෙහිව පළිගන්නා බව පවසා ඇත.
ඉන් අනතුරුව අද දින මෙසේ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම සිදුව ඇත. ඒ අනුව ඉරානයේ, ලාරාක් දූපතේ පිහිටි රොකට් විදිනයන් දෙකකට ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර හෝමූස් සමුද්‍ර සන්ධියට මුහුදු බෝම්බ දැමීම වැළැක්වීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බව එරට මාධ්‍ය පවසයි.