තාවකාලික අත්හිටුවීම නිසා ක්‍රීඩකයින් රැසක් පිටියෙන් ඉවතට

Report

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී නොවීමට තීරණය කර ඇත.

ඔහු විසින් තරගාවලිය සඳහා නැවත ඉන්දියාව වෙත නොපැමිණෙන බවට නිල වශයෙන් ද දැනුම් දී තිබෙනවා.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව යළි කැඳවයි

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව යළි කැඳවයි

මෙවර අයි.පී.එල් තරගාවලිය පසුගිය දිනවල ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් ගැටුම්කාරී වාතාවරණයත් සමඟ තාවකාලිකව අත්හිටු වීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව අත්හිටවූ තරගාවලිය නැවත හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ තරගාවලිය තාවකාලිකව අත්හිටුවීම නිසා අනෙකුත් තරගාවලිවලට ඇතිවන බාධා සැළකිල්ලට ගෙන විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර අයි.පී.එල් තරගාවලියේ සෙසු තරගවලට සහභාගී නොවන බවයි.

රට යන්න බලාගෙන ඉන්න අයට ඔන්න සුබ ආරංචියක්

රට යන්න බලාගෙන ඉන්න අයට ඔන්න සුබ ආරංචියක්

එබැවින් එම ක්‍රීඩකයින් වෙනුවට තාවකාලිකව නව ක්‍රීඩකයින් අනයුක්ත කර ගැනීමට ද මෙවර අයි.පී.එල් කණ්ඩායම්වලට සිදුව ඇති බව සඳහන්.