පොල් මිල අහස උසට යන කොට කරලා තියන අපරාධයක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Oct 30, 2024 02:36 AM GMT
Piyumika

Piyumika

Report

හලාවත - පුලියන්කඩවර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් පවත්වාගෙන යන පොල් වත්තක තිබූ පොල් ගස් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජනපති මැතිවරණ නීති උල්ලංගනය කරලද...වහාම මැකෝ ක්‍රියාත්මක වෙලා තහනමක් පනවලා..

ජනපති මැතිවරණ නීති උල්ලංගනය කරලද...වහාම මැකෝ ක්‍රියාත්මක වෙලා තහනමක් පනවලා..

පොල්ගස් 10 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කරන්නේ නම් ඒ සදහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙන් අවසර ලබා ගත යුතු නමුත් ඉඩම් හිමිකාරි ආයතනය එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බවයි හලාවත ප්‍රාදේශිය ලේකම් චානක ප්‍රේමසූරිය සදහන් කළේ.

ඉඩමේ පොල් ඵලදාව විශාල ලෙස අඩු බැවින් අලුතින් පැල සිටුවීම සදහා ඵලදාව අඩු පොල් ගස් ඉවත් කළ බව අදාල ඉඩම අයත් බව කියන සමාගමේ නිලධාරියෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට සදහන් කර තිබෙනවා.

පාලමක් උඩ දහස් ගණනක් නිරුවතින් මොකද මේ..(VIDEO)

පාලමක් උඩ දහස් ගණනක් නිරුවතින් මොකද මේ..(VIDEO)

එහෙත් එම ප්‍රකාශය ගැටලුකාරී බැවින් ග්‍රාම නිලධාරියා හරහා පොලිසියට පැමිණිලි කළ බවද හලාවත ප්‍රාදේශීය ලේකම් චානක ප්‍රේමසූරිය සදහන් කළා.මේ සම්බන්ධයෙන් හලාවත පොලිසියෙ උසස් නිලධාරියෙකු කියා සිටියේ  ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් සහ අදාල ඉඩමේ හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.