ජාත්‍යන්තර යුධ අපරාධකරු ඊශ්‍රායලයේ 'ටර්මිනේටර්' කොළඹ සැඟවිලා - රැකියාවක නිරත වන බවටත් තොරතුරු. - (ඡායාරූපය සහ විස්තරේ මෙන්න.)
පලස්තීන සිවිල් වැසියකු ඝාතනය කොට ඔහුගේ සිරුරට අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් වගකිව යුතු බව කියන ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල් ෆෙරන්බුක් නමැත්තා මෙරටට පැමිණ කොළඹ ප්‍රදේශයේ රැඳී සිටින බව බෙල්ජියම පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව 'ද හින්ද් රජබ් පදනම' නැමැති එම රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ, ‘ටර්මිනේටර්’ ලෙස හඳුන්වන ෆෙරන්බුක් නැමැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් නිල වශයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අන්තර්ජාතික අපරාධ අධිකරණය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා ඇති බවයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඔහු අල්ලා ගැනීම සඳහා අන්තර්ජාතික රතු නිවේදනයක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිසියට දන්වා ඇති බව ද හින්ද් රජබ් පදනම සිය නිල වෙබ් අඩවිය හරහා පෙන්වා දී ඇති බව සඳහන්.
බැංකු ණය ගත්ත අයට 2025 දෙසැම්බර් 12 මොකද වෙන්නේ? - පරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජනපති හෙළි කරයි. - (VIDEO)
ෆෙරන්බුක් නැමැති පුද්ගලයා කුමන අන්දමේ කෘරතර අයෙක් ද යන්න අදාළ පලස්තීන වැසියා ඝාතනය කොට ඒ ගැන සිනාසෙමින් පුරසාරම් දොඩන අයුරු සහ මියගිය පුද්ගලයා යුද කුසලානයක් ලෙස සලකන බවත් පවසන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ මගින් නිරූපණය වන බවයි එම පදනම වැඩිදුරටත් පවසන්නේ.
ඒ අනුව ෆෙරන්බුක් නැමැත්තා, මියගිය පුද්ගලයාගේ ගෞරවය නොසලකා හැරීමෙන් අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කර ඇති බවත් ,ෆෙරන්බුක් නැමැත්තා ශ්‍රී ලංකාවේ සිටීම ඔහුට වගවීම සඳහා තීරණාත්මක අවස්ථාවක් සපයන බවත් ද හින්ද් රජබ් පදනම සඳහන් කරනවා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්, අන්තර්ජාතික අපරාධ අධිකරණය සහ ජාත්‍යන්තර පොලිසිය යුක්තිය සහතික කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු බව පවසන ද හින්ද් රජබ් පදනම සඳහන් කරන්නේ එවැනි කුරිරුකම් සඳහා දණ්ඩමුක්තිය නොඉවසන බවයි.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසා ඇත්තේ,මෙවැනි ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දිය යුතු බවයි.
කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් විදේශ කටයුතු අමාත්‍යංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.
You May Like This Video