ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදයි

Report

ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට යෙදී ඇත යුනෙස්කෝ සංවිධානය සෑම වසරකම පෙබරවාරි 13 වනදා ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර තිබේ.

 රැහැන් රහිත විදුලි සන්දේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාග හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් විදුලියේ නිර්මාතෘ වේ.

ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන් විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදීයි.

2012 වසරේදී පළමු ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ඔවුන්ගේ රාජ්‍යවල පවත්වන ලදි.

ඒ ගුවන්විදුලි යන්ත්‍රය සොයා ගෙන වසර 118කට පසුවයි .

1920 දශකයේ සිට ගුවන් විදුලිය මෙරට ජනයාට සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුමද සැපයූයේ ගුවන්විදුලියයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ගුවන් විදුලි සේවා පනහකට අධික සංඛ්‍යාවක් පවතී