මව්භාෂාව නිසා ලෝකෙම සමරන ජාත්‍යන්තර දිනය අදයි

Report

ජාත්‍යන්තර මව් භාෂා දිනය අද(21) ට යෙදී ඇත. ඒ අනුව සෑම වසරකම පෙබරවාරි 21 වන දින මෙම දිනය සැමරෙන්නේ භාෂාමය හා සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමටයි.

1999 දී UNESCO සමුළුවකදී ජාත්‍යන්තර මව් භාෂා දිනය අනුමත කරනු ලැබූ අතර, 2000 වසරෙන් පසුව එය ගෝලීය වශයෙන් සැමරීමට කටයුතු කරයි.

යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ තිරසාර සමාජ ගොඩනැගීම සඳහා සංස්කෘතික හා භාෂා විවිධත්වය අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මෙම දිනය සැමරීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ බංග්ලාදේශයයි.

ඒ අනුව බංග්ලාදේශයේ මව් භාෂාව ආරක්ෂා කිරීමේ අද්විතීය ඉතිහාසය සහ භාෂාමය විවිධත්වය මෙන්ම බහු සංස්කෘතිකත්වය සඳහා එරට දැක්වූ කැපවීම මෙම පිළිගැනීමට පදනම් වී ඇති බව සඳහන්.

1952 දී එරට රජය උර්දු භාෂාව ජාතික භාෂාව වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණයට විරුද්ධව විශාල උද්ඝෝෂණ සහ විරෝධතා ඇති වූ අතර එම සටන අතරතුර ශිෂ්‍යයන් රැසකගේ ජීවිත අහිමි වූ බව වාර්තා වේ.

අනතුරුව බෙංගාලි භාෂාව ජාතික භාෂාව වශයෙන් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව භාෂා අයිතිවාසිකම් සඳහා කළ එම කැපවීම සිහිපත් කරමින් 1999 දී යුනෙස්කෝ සංවිධානය මඟින් සෑම වසරකම පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර මව් භාෂා දිනය වශයෙන් නම් කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය සඳහා නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩනැගීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. ඔහු නිකුත්කළ නිවේදනය පහතින්,

බඩඉරිඟුවලට විශේෂ App එකක්

බඩඉරිඟුවලට විශේෂ App එකක්


Gallery