කැබිනට්ටුව රැස් වෙලා - පොලිස්පති ගැන ගත් හදිසි තීරණය මෙන්න..

Report

අද (24) ජනාධිපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස් ව තීරණයක් ගෙන තිබෙනවා.

කැබිනට්ටුව රැස් වෙලා - පොලිස්පති ගැන ගත් හදිසි තීරණය මෙන්න.. | Interim Prohibition Of Inspector General Of Police

ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළ දී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම⁣ටයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේ ය.

මෙම නියෝගය යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කළේ ය.

කෙසේ වෙතත්, තීන්දු ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් ව තිබෙන බවය.