එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අතුරු නියෝගයක්...

By Parami Dissanayake Jul 03, 2024 03:49 PM GMT
Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා නීතිවිරෝධී බව සඳහන් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

මෙම අභියාචනා පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ මෙම නඩුවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් එක්කොට චෝදනා ඉදිරිපත් කිරීම නීතියට පටහැනි බවය. ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය පෙබරවාරි මස 17 වනදා තෙක් කල් තැබුණි.