අභියාචනාධිකරණයෙන් තේරීම් භාර නිලධාරියාටත් අතුරු තහනම් නියෝගයක්

Report

අද (02) දින අභියාචනාධිකරණය මඟින් කැකිරාව මැතිවරණ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

ඒ පහුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී කැකිරාව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමගි ජන බලවේගය මඟින් ලබාගත් ආසනවලට කාන්තා මන්ත්‍රීවරියන් නම් කරන ලෙස ඉල්ලා කැකිරාව මැතිවරණ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබෙන ලිපියට අඳාළවයි.

ඒ අනුව මෙම නියෝගය අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ චන්දිම ගමගේ සහ අයි.එම්..පී.කේ. ඉලංගසිංහ යන සාමාජිකයින් දෙදෙනා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව බව ද සඳහන් වේ.

එසේම එහිදී අධිකරණය මඟින් නිවේදනය කර ඇත්තේ එළඹෙන ජුනි 16 වන දින තෙක් අඳාළ අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙන බවයි.

මෙහි දී පෙත්සම්කරුවන් කියා ඇත්තේ සමගි ජන බලවේගය මඟින් කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආසන හතරක් දිනා ගෙන ඇති බවයි.

ඒ අනුව එම ආසන හතරෙන් තුනක් සමානුපාතික නියෝජනය මත ලබා ගෙන ඇත.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

මේ බව පක්ෂයේ මහ ලේකම්වරයා වෙත තේරීම් භාර නිලධාරියා විසින් දැනුම් දී තිබෙනවා.

තවද අඳාළ පෙත්සමේ සඳහන් වූයේ සමානුපාතික නියෝජනය මත ලබාගත් එම ආසන තුනට අතිරේක නාමයෝජනා ලැයිස්තුවේ හෝ මූලික නාමයෝජනා පත්‍රයේ නම් ඇතුළත් කාන්තා සාමාජිකාවන් පත් කළ යුතු යැයි තේරීම් භාර නිලධාරියා අදාළ ලිපියෙන් සඳහන් කර ඇති බවයි.

මෙසේ තේරීම් භාර නිලධාරියා විසින් ගෙන ඇති තීරණය පළාත් පාලන ඡන්ද විමසීම පනතේ විධිවිධානවලට පටහැනි වේ.

ඒ අනුව පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි. 

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...