ව්‍යවසායකයන්ට බැංකු වලින් පොලී සහනය දෙන්නේ මෙහෙමයි. - මහබැංකුවෙන් චක්‍රලේඛයක් නිකුත් කෙරේ. - ණය සහනවල ලක්ෂණ මෙන්න.

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලීන අහිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට අදාළ උපදෙස් ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව 2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි මේ සහන සැලසේ.

අදාළ සහන සැලසීමේ අරමුණින් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයන් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඉහත කී අවස්ථාවලදී පීඩාවට පත්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේදී පොලී සහන සැලසීමට ද මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට උපදෙස් දී ඇති අතර ණය සහන පිළිබඳ වැඩිදුර තොරතුරු 2024 අංක 04 දරන “බලපෑමට ලක් වූ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම” යන චක්‍රලේඛයෙන් ලබාගත හැකිය.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

ණය සහනවල ලක්ෂණ පහත පරිදි වේ:

🟢(අ) 2019.04.01 දිනට හෝ ඉන් පසුව අදියර 3හි ණය ලෙස වර්ගීකරණය කර ඇති ණය පහසුකම්, අවශ්‍ය සියලුම ලියකියවිලි ඉදිරිපත් කිරීමට යටත්ව සහ 2025.03.31 වන විට අදාළ බැංකුවල ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකක සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් සඳහා පමණක් මෙම සහන හිමි වේ.

🟢(ආ) සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ හානිකරණයට ලක් වූ ණය ප්‍රතිලේඛනගත කිරීම, ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර යළි පණ ගැන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම මත පදනම් වේ.

🟢(ඇ) ගනුදෙනුකරුවන් සමඟ ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම 2024.06.15 දින වන විට අවසන් විය යුතු වේ.

🟢(ඈ) 2024.12.15 දිනට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය රුපියල් මිලියන 25ට අඩු, රුපියල් මිලියන 25ත් මිලියන 50ත් අතර සහ රුපියල් මිලියන 50ට වැඩි සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් විසින් පිළිවෙළින් 2025.12.31, 2025.09.30 සහ 2025.06.30 දිනයන්ට පෙර ප්‍රතිලේඛනගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුය.

🟢(ඉ) කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන්ගේ 2019.04.01 දින සිට 2024.12.15 දින දක්වා කාලසීමාවට අදාළ ණය පහසුකම් සඳහා වන නොගෙවූ ණය පොලිය (ප්‍රාග්ධනිත ණය පොලී හැර) පහත පරිදි නිදහස් කළ හැකිය. 


ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවෙයි.- මහා බැංකුව නිකුත් කළ නව නිල විනිමය අනුපාතය මෙන්න.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවෙයි.- මහා බැංකුව නිකුත් කළ නව නිල විනිමය අනුපාතය මෙන්න.


You May Like This Video