වෙඩි වැදුණු හිටපු පොලිස්පතිගේ නිවසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා සහ පොලිස්පති පැමිණෙයි

Report

වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මාලඹේ පිහිටි නිවස වෙත මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් වරයා අද (17) පැමිණියේය.

මාලඹේ, නලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අද උදෑසන හිටපු පොලිස්පතිවරයා සිය ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියක් උපයෝගී කරගනිමින් වෙඩිතබාගෙන තිබේ.

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සියදිවි හානි කරගත්තේ ඇයි? වහාම පොලිස් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මකයි

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සියදිවි හානි කරගත්තේ ඇයි? වහාම පොලිස් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මකයි

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඒ මහතා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම කනගාටුදායක සිදුවීම සැලවීමත් සමඟ වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ද අද දහවල් හිටපු පොලිස්පතිවරයා පදිංචිව සිටි මාලඹේ නිවස වෙත පැමිණි බව වාර්තා වේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

මෙම මරණය සම්බන්ධයෙන් වන ඉදිරි මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පොලිස් විමර්ශන කටයුතු මේ වන විට උසස් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.