පරණ යකඩ බඩු මිලට ගන්න මුවාවෙන් ගෙවල්වලට ඇවිත් කරන අමුතු වැඩක් ගැන තොරතුරු එළියට - අවදානයෙන් කටයුතු කරන්න..

Report

නිවෙස්වලට පැමිණ පරණ යකඩ බඩු මිලට ගන්නා මුවාවෙන් නිවෙස්වල වටිනා භාණ්ඩ සොරාගන්නා පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු මාතලේ ගම්මාන රැසකින් අනාවරණය වී තිබෙනවා.

පරණ යකඩ බඩු මිලට ගන්න මුවාවෙන් ගෙවල්වලට ඇවිත් කරන අමුතු වැඩක් ගැන තොරතුරු එළියට - අවදානයෙන් කටයුතු කරන්න.. | Information Regarding A Gang Of Thieves At Matale

ඒ පිරිමි පුද්ගලයින් නොමැති අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ය.

මොවුන් නිවෙස් වලට ඇතුළු වී ඇත්තේ දහවල් කාලයේ බෝතල්, යකඩ, කාඩ්බෝඩ් වැනි නිවෙස්වලින් ඉවත් කරන භාණ්ඩ මිලදී ගන්නා බව පවසමින් ය.

එහිදී ඉතා සූක්ෂමව නිවෙස්වල පවතින වටිනා භාණ්ඩ සොරාගන්නා බව වාර්තා වී තිබෙනවා.

සිද්ධින්ට මුහුණ දුන් බොහෝ කාන්තාවන් කියා සිටියේ කිහිප දෙනෙකු අබලි භාණ්ඩ එක්රැස් කරන අතර තවත් පිරිසක් නිවෙස් වටා ඇවිද යමින් සෙසු වටිනා භාණ්ඩ ඉතා සූක්ෂම අන්දමට එක්කාසු කරගෙන සිය රථවලට පටවා ගන්නා බවයි.

මෙරට ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙක් රිමාන්ඩ්..

මෙරට ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙක් රිමාන්ඩ්..


ඒ අනුව එම සිද්ධියට මුහුණ දුන් නාඋල ප්‍රදේශයේ කාන්තාවක් කියා සිටියේ සිය නිවසේ අබලි ද්‍රව්‍ය එක්රැස් කරන අතරතුර පැමිණි පිරිසෙන් පුද්ගලයෙකු බීමට ජලය ඉල්ලා සිටි බවත් තමන් ජලය රැගෙන ඉදිරියට එන විට අදාළ පිරිස නිවසෙන් පිට වී ගොස් ඇති බවත් ය.

පසුව සිදු කළ සොයා බැලිමේ දී සාලයේ තිබු පිත්තල පහනක් නැති වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කළේ නොහඳුනන පුද්ගලයින් නිවෙස්වලට කැඳවා ගැනීම හෝ සැකකටයුතු පිරිස් නිවෙස්වලට සම්බන්ධ කර ගැනීමට පෙර වඩාත් විමසිලිවන්ත විය යුතු බවයි.

Sponsored By Sarrita Jewellery