මාර්තු මාසයේ උද්ධමනය ඉහළට
By Dilasha
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 මාර්තු මාසය සඳහා -2.6% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් ලෙස වාර්තා වී තිබේ.
2025 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා වැඩි වී ඇති අතර 2025 පෙබරවාරි මාසයේ දී එය වාර්තා වූයේ -0.2% ක් ලෙසයි.
එමෙන්ම, 2025 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -4.1% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 පෙබරවාරි මාසයේ දී -6.1% ක් ලෙස වාර්තා විය.
TODAYS TRENDING NEWS