උද්ධමනය තවත් පහළට..!

Sri Lanka Inflation Financial crisis Economy of Sri Lanka Latest Headlines
By Sewvandhi Nov 29, 2024 10:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත.

එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි. 2024 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා අඩු වී ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 1.0%ක් ලෙසය.

එමෙන්ම, 2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -1.6% ක් ලෙස වාර්තා විය.

ReeCha