ලංකාවත් සලිත කළ ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට - සුනාමි අනතුරු ඇඟවීම් ගැනත් නැවත නිවේදනයක්
ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ ප්‍රධාන නගරය වන මවුමෙයාර් හි අද(15) අලුයම ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගත් අතර භූකම්පන තත්ත්වයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන්වලින් යුත් පසුකම්පන 3ක්ද හටගෙන තිබූණේ එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරමින්.
කෙසේ වෙතත් බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර පසුව එය ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එසේම හානියට පත් ගොඩනැගිලිවල සිරවී සිටින ඕනෑම අයෙකු මුදා ගැනීම සඳහා සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මවුමරේ හි කටයුතු කරමින් සිටියි.
එසේ වුවත් දුරස්ථ හා කඳුකර ප්‍රදේශයක් වන මෙම කලාපයේ විනාශයේ සම්පූර්ණ ප්‍රමාණය තක්සේරු කිරීමට කාලය ගතවනු ඇති අතර ඉන්දුනීසියාවේ BNPB ලෙස හඳුන්වන ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියට අනුව, මියගිය දෙදෙනා පිරිමියෙකු සහ කාන්තාවක් වන බව සඳහන්.