මුදල් ගණුදෙනු කිරිම ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න - හෙට සිට ක්‍රියාත්මකයි..

Report

හෙට සිට ශ්‍රී ලංකාවට ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතයි.

මුදල් ගණුදෙනු කිරිම ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න - හෙට සිට ක්‍රියාත්මකයි.. | Indias Upi Money Transaction System To Sri Lanka

ඒ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ ය.

UPI යනු ඉන්දියානු ජාතික ගෙවීමේ සංස්ථාව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමවේදයක් වේ.

එම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව ලැබෙයි.

එය ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි යෙදුමක් වේ.

සරල පියවර කිහිපයක් මගින් ඕනෑම බැංකුවක් හරහා ද ගනුදෙණු කිරීමට හැකියාව පවති.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ UPI ගෙවීම් පද්ධතිය හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක ගනුදෙණු සිදු කර ඇති බවයි.