අයහපත් කාලගුණය ගණනකට නොගත් ඉන්දීය යාත්‍රා කිහිපයක් කරපු දේ
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් මුලතිව් මුහුදු තීරයට ඇතුළු වී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම නිතරව සිටි බවට උතුරේ ධීවරයන් චෝදනා කරනු ලබයි.
මෙරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන මුහුදු නොයන ලෙස මෙරට ධීවරයන්ට උපදෙස් දී ඇති පසුබිමක ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී තිබේ .
මේ වනවිට මුලතිව් ඇතුළු මුහුදුබඩ ප්‍රදේශවල කැළඹිලි සහිත තත්ත්වයක් නිර්මාණය වි තිබේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මෙරට කිසිදු ධීවරයෙකු මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරත වී නොමැති බව වාර්තා වෙයි.
නමුත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මුලතිව් මුහුදු තීරයේ කිලෝමීටරයක් පමණ ආසන්නයටම පැමිණ මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතවී තිබේ