ආසියානු කුසලානයට සහභාගී වන ඉන්දීය කණ්ඩායම දිවයිනට.
ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා.
ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක වෙත ළඟා වුණා.
කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූයේ ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමඟයි.
ඉන්දීය කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය එළඹෙන 02 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.