ජයශංකර් හා සජිත් අතර හමුවක්
මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (23) කොළඹදී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි.
මෙම හමුවේදී පසුගිය දා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය රජය ක්‍රියාත්මක කළ 'සාගර් බන්දු' මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කළේය.

ඊට අමතරව, ඉදිරි කාලයේදීත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ඉන්දියාවේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවැනි හමුවලින් දායක වන බව විපක්ෂ නායක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.