සංචාරයට මෙරටට පැමිණි ඉන්දීය යුවලට සිදු වූ දේ..
By Piyumika
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අඹු සැමි යුවළක් තිස්සමහාරාම, කිරින්ද මුහුදු වෙරළේ රළ පාගමින් සුන්දරත්වය නරඹමින් සිටි අවස්ථාවේ චණ්ඩ රළ පහරකට අසූ වී ගසාගෙන ගොස් මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි කිරින්ද පොලිසිය පවසා ඇත .
මෙම අඹුසැමි යුවළ රළ පහළට අසූවී ඈත දියඹට ගසාගෙන යද්දි දෙදෙනා සමග පැමිණි අනෙකුත් ඥාතීන් දෙදෙනකු ආධාර ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ සිටි පිරිසක් පැමිණ මුහුදට පැන පීනා ගොස් දෙදෙනාම ගොඩට රැගෙන විත් ඇත.
කාන්තාව ඒ වන විටත් මියගොස් ඇති අතර පුද්ගලයාට පණ තිබෙන බව පෙනී ගිය නිසා ඔහු දෙබරවැව රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහුද මියගොස් ඇති බව දැනුම් දුන් බව පොලිසිය කියයි.
මෙම අඹු සැමි යුවළ රළ පෑගීමට ගොස් සිටි ප්‍රදේශය අනතුරුදායක බවට භාෂා තුනෙන්ම පුවරු ප්‍රදර්ශනය කර රතු පැහැති කොඩිද එල්ලා තිබුණු බව පොලිසිය සඳහන් කළේය.