පස් දෙනෙකුට මරු කැඳවමින් ඉන්දීය හමුදාවට බිහිසුණු ප්‍රහාරයක්..

By Sewvandhi Jul 09, 2024 09:58 AM GMT
Report

කාශ්මීර් ප්‍රදේශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හිමාල කඳුකර ප්‍රදේශයේදී හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

පාකිස්තාන සටන්කාමීන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරෙන අතර ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.