50 අදික පිරිසකට මරු කැදවූ ඉන්දියාවම හෙල්ලු භයානක දුම්‍ රිය අනතුර..

By Sithumi Jun 02, 2023 05:51 PM GMT
Report


ඉන්දියාවේ දුම්රිය තුනක් ගැටීමෙන් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් ඇතැයි සැක පළ කරන බවයි. 

 අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය, පීලි පැන එහි පෙට්ටි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබේ. එහි ගැටී ඇත්තේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියක් වනවා එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මින් අනතුරට ලක්ව ඇති බවයයි

 අනතුරට ලක්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ අතර අනතුර පිළිබඳ සිය දැඩි ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් තබා තිබෙන අතර අනතුරට පත්වූවන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.