ඉන්දු - පාකිස්තාන සටනේ වාර්තාවක්

Report

පසුගිය 15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාව සහ පාකිස්තානය අතර විස්සයි20 ලෝක කුසලාන තරගය ICC තරග ඉතිහාසයේ ඩිජිටල් අවකාශය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ තරගය ලෙස වාර්තාගත වී තිබේ.

මෙවර ලෝක කුසලානයේ නිල ඩිජිටල් සහ විකාශන හවුල්කරු වන JioStar නිවේදනය කළේ, මෙම තරගය ඩිජිටල් මාධ්‍ය හරහා මිලියන 163ක ප්‍රේක්ෂකයන් විසින් නැරඹූ බවයි.

ඒ අනුව 2024 විස්සයි20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති අවසන් මහා තරගයේ ඩිජිටල් නරඹන්නන් සංඛ්‍යාව පවා මෙවර ඉන්දු-පාකිස්තාන තරගය අභිබවා ගොස් ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය අතර දිනෙන් දින උත්සන්න වන දේශපාලන ආතතිය හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරගවලට එල්ල වන ප්‍රේක්ෂක අවධානය ද ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි.

මෙවර ඉන්දියාවට එරෙහිව තරග කිරීම පාකිස්තානය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම අවධානය තවදුරටත් වැඩි වී තිබේ. එබැවින් ඉකුත් විස්සයි20 ලෝක කුසලානයේ ඉන්දු-පාකිස්තාන තරගය නැරඹූ සංඛ්‍යාවට සාපේක්ෂව මෙවර 56%ක වැඩිවීමක් සිදුව ඇති බවත් JioStar වාර්තා කර ඇත.