ආසියානු කුසලානයේ ඉන්දු පකිස්ථාන සටන අද.

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව හා පාකිස්ථානය අතර තරඟය අද (02) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර එක් දින ජාත්‍යන්තර තරඟ 132ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 73ක් ජය ගෙන ඇත්තේ පාකිස්ථානයි.

ඉන්දියාව තරඟ 55ක් ජය ගෙන ඇති අතර තරඟ 4ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

තරඟය අද සවස 3.00ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර, ආසියානු කුසලානයේ ඉතිරි තරඟ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) පාකිස්ථානය බලා පිටත්ව ගියා.