මාස හතකට පසු නිදහස ලැබූ උතුරේ ධීවරයින්..

Sri Lanka India Sri Lanka Fisherman Prison
By Piyumika Jun 10, 2024 11:50 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ චෝදනාව මත ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටි උතුරේ ධීවරයින් හය දෙනෙකු ඊයේ නිදහස් කෙරුණි .

මාස දෙකේ බිළිදාගේ මරුවා..

මාස දෙකේ බිළිදාගේ මරුවා..

අධිකරණ නියෝග මතය එම පිරිස මාස හතක කාලයක් ඉන්දියාවේ බන්ධනාගාරවල රදවා සිටියේය .

යාපනයේ ස්ථාන දෙකකින් මුහුදු ගිය මෙම ධීවරයින් හය දෙනාගේ බෝට්ටු දෙක අයහපත් කාලගුණික තත්ත්වයක් මත ඉන්දියාවේ රාමේස්වරන් මුහුද දෙසට පාවී යමින් තිබියදී ඉන්දීය නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන රාමේස්වරන් පොලීසිය වෙත බාර දී තිබුණි.

D-Day 80 වැනි සංවත්සරයේදී සිදු කෙරුන අපූරු විවාහ මංගල්‍යය..

D-Day 80 වැනි සංවත්සරයේදී සිදු කෙරුන අපූරු විවාහ මංගල්‍යය..

ඔවුන් සම්බන්ධයෙන් පැවති නඩු විභගයේදී පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු බන්ධනාගාරගත කිරීමට රාමේස්වරන් අධිකරණය නියෝග කර තිබුණි .

වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු මළ සිරුරක් සොයා ගැනේ..

වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු මළ සිරුරක් සොයා ගැනේ..

පසුව උතුරේ ධීවර සංගම් හා තවත් සංවිධාන කිහිපයක් යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය රජයට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ව නිදහස් කර ගැනීමට හැකි විය .