අගමැති දිනේෂ් සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්...
අද (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් අතර හමුවක් පැවැත්විණි.
භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඔහුට සුබ පැතූ අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළේය.
එහි දී, අග්‍රාමාත්‍යවරයා විසින් කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු මෑත දුෂ්කර කාලවලදී ලබාදුන් සහාය වෙනුවෙන් ද ඉන්දියාවට ස්තූති කළේය.
ශ්‍රී ලංකාව වැනි අසල්වැසියන් ඉන්දියාවට අතිශයින් වැදගත් බවත් ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඉමහත් හොඳ හිතක් පවතින බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසනු ලැබී ය.
එමෙන් ම, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළේ, ඉන්දීය රජය ‟අසල්වැසියා පළමුව″ යන ප්‍රතිපත්තිය යළි තහවුරු කරන බවත් තම සංචාරයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව සිය සමීපතම සමුද්‍රීය අසල්වැසියා සහ මිතුරා ලෙස ඉන්දියාවේ අඛණ්ඩව කැපවීම අවධාරණය කිරීම බවත් ය.
